/* Flying Css3 menu www.bloggertrix.com*/

Saturday, October 15, 2011

Softwares නොමැතිව website එකක් Block කරන්නේ මෙහෙමයි.


මුලින්ම  ඔබට  Block කිරීමට අවශ්‍ය website එකට ඔබ බාවිතා කරන Web Browser එක ආධාරයෙන් එක් වරක‍් හෝ පිවිස ඇත්නම් Browsing History clear කරගත යුතුයි.මේ සදහා Web Browser විවෘත කර Shift+Ctrl+Del keys එකවර එබූ විට  clear Browsing History කවුලුව විවෘත වේ.එමගින් සියලුම Histories clear කරගන්න.
දැන් අපි Softwares නොමැතිව  website එකක් Block කරගන්නා ආකාරය බලමු .මේ සදහා ඔබගේ windows මෙහෙයුම් පද්ධතිය ස්තාපනය කර ඇති Partition එකට ගොස් එහි ඇති WINDOWS Folder ‍ එකට ගොස් එහි ඇති  System32 Folder එකට ගොස් එහි ඇති Drivers Folder එකට ගොස් එහි ඇති etc Folder එකට ගොස් ( උදා:- C:\Windows\System32\drivers\etc)එහි ඇති  hosts නැමති file එක තොරා right mouse button එක click කර  Open විධානය ලබාදිය යුතුයි.
1 වන රූපය


එවිට 1 වන රූපයේ පරිදි Open with කවුලුව විවෘත වේ.එහි  ඇති Notepad යන්න තෝරා Ok කරන්න


2 වන රූපය















දැන් 2 වන රූපයේ පරිදි hosts නැමති file එක Notepad එකෙ‍හි විවෘත වේ.
3 වන රූපය











3 වන රූපයේ ආකාරයට එහි යටම තීරුවේ 127.0.0.2 යනුවෙන් සදහන් කර හිස්තැනක් තබා ඔබට  Block කිරීමට අවශ්‍ය website එක සදහන් කර Ctrl+s එකවර ඔබා Save කරගන්න.ඒ ආකාරයටම තවත් කිහිපයක් වුවද   Block කිරීමට හැකිය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...