/* Flying Css3 menu www.bloggertrix.com*/

Tuesday, October 18, 2011

Internet Download Connection එක වැඩි කරගන්නේ කෙසේ දැයි බලමු.


මෙය සිදුකිරීමට ප්‍රථම ඔබට Registry Editor පිලිබදව කිසියම් හෝ දැනුම්‍ක් නොමැති නම් මෙය සිදු නොකර සිටීම වඩාත් වුචිත බව විශේෂයෙන් සදහන් කලයුතුයි.එයට ප්‍රධාන ‍හේතුව Registry Editor හිදී ඔබ අතින් කිසියම් හෝ අත්වැරදීමක‍් සිදුවුවහොත් එමගින් බොහෝවිට ඔබට ඔබෙගේ පාලක වැඩසටහන නැවත යෙදීමට සිදුවේ.
 1 වන රූපය

දැන් අපි බලමු Internet Download Connections වැඩි කරගන්නේ කොහොමද කියල.මුලින්ම Start->run මගින් හෝ Windows key+r එකවර එබීමෙන් Run කවුලුව විවෘත කරගන්න.
දැන එහි "regedit" ලෙස type කර Ok කරන්න.
දැන් 1 වන රූපයේ පරිදි  Registry Editor කවුලුව දිස් වේ.

එහි ඇති HKEY_CURRENT_USER යන්න ‍තෝරා එය මත double click කරන්න.එවිට ලැබෙන drop down menuවෙහි ඇති Software යන්න ‍තෝරා එය මත double click කරන්න.එවිට ලැබෙන drop down menuවෙහි ඇති Microsoft යන්න ‍තෝරා එය මත double click කරන්න.එවිට ලැබෙන drop down menuවෙහි ඇති CurrentVersion යන්න ‍තෝරා එය මත double click කරන්න.එවිට ලැබෙන drop down menuවෙහි ඇති Internet Settings යන්න තොරාන්න. එවිට එහි ඇති Registries සියල්ල පහත 2 වන රුපයේ පරිදි දිස්වේ.
2 වන රූපය

















දැන් Registry Edit කිරීමට පෙර HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Internet Settings හි Backup එකක‍් සාදාගත යුතුයි.ඒ සදහා Registry Editor හි ඉහල ඇති File යන්න ‍තෝරා එහි ඇති Exportයන්න  තෝරන්න.එවිට පහත 3 වන රූපයේ පරිදි Export Registry File කවුලුව විවෘත වන අතර එහි File name යන්නට කැමති නමක‍් ලබා දී Save කරගන්න.
3 වන රූපය



දැන් Internet Settings යන්න මත හෝ Internet Settingsහි Registries ඇති පැත්තෙහි Registries වලට පහලින් right mouse button click කරන්න.එවිට ලැබෙන menuවෙහි New යන්න තෝරා ඊලගට ලැබෙන menuවෙහි DWORD Value(මෙය Xpවල මේ අයුරින් වුවද Windows7වල  DWORD (32bit) Value ලෙස දිස්වේ.)යන්න තෝරන්න.
දැන් ඔබ එක්කරගත් නව Value එක සදහා MaxConnectionsPer1_0Server යන නම ලබා දී Enter කරන්න.දැන් නැවත එය තොරා  double click කර පසු ලැබෙන කවුලුවේ ඇති Value data යන්න සදහා 0000000a ලෙස ලබාදී Ok කරන්න.
නැවතත් Internet Settings යන්න මත හෝ Internet Settingsහි Registries ඇති පැත්තෙහි Registries වලට පහලින් right mouse button click කරන්න.එවිට ලැබෙන menuවෙහි New යන්න තෝරා ඊලගට ලැබෙන menuවෙහි DWORD Value යන්න තෝරන්න.
දැන් ඔබ එක්කරගත් නව Value එක සදහා MaxConnectionsPerServer යන නම ලබා දී Enter කරන්න.දැන් නැවත එය තොරා  double click කර පසු ලැබෙන කවුලුවේ ඇති Value data යන්න සදහා 0000000a ලෙස ලබාදී Ok කරන්න.
දැන් සියල්ල සිදුකර අවසන්.දැන් Registry Editor එක Exit කර Reboot කරගත යුතුයි.එවිට මෙම ක්‍රීයාත්මක වේ.(Reboot නොකරම මෙය ක්‍රීයාත්මක කරගැනීමට නම් Task bar එක මත right mouse button click කර ලැබෙන menuවෙහි ඇති Start Task Manager යන්න තෝරන්න.මෙමගින් Task Manager කවුලුව විවෘත වේ එහි ඇති Processesයන්න ‍තෝරා එහි image name යටතෝ explorer.exe තෝරා End Process කරන්න.
දැන් Fileයන්න තෝරා ඉන්පසුව New Task යන්න තෝරා ඉන්පසුව ලැබෙන කවුලුවෙහි ඇති Open යටතේ  C:\Windows\explorer.exe යන්න ලබා දී හෝ Browse යන්න  click කර ඔබගේ පාලක වැඩසටහන ඇති එක තෝරා එහි Windows යන්න තෝරා ඉන්පසුව explorer.exe යන්න තෝරා Open කරගන්න.)

1 comment:

  1. තැන්ස් නොදන්නා දෙයක් කියල දුන්නට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...