/* Flying Css3 menu www.bloggertrix.com*/

Tuesday, October 25, 2011

Rigth Click කිරීමෙන් පමණක් ලිපිගොනු ඕනෑම ස්ථානයකට Copy හෝ Move කරගන්නේ මෙහෙමයි.

මෙමගින් සිදුකරනු ලබන්නේ සාමාන්‍ය Romoveble Disk එකකට දත්ත Send කරන ආකාරයට අපගේ පරිඝණකයේ අවශ්‍ය ඕනෑම ස්ථානයක් වෙත දත්ත Move කිරීමට හෝ Copy කිරීමට හැකි ආකාරයට අපගේමෙහෙයුම් පද්ධතිය සකස්කරගැනීමයි.


පළමුවෙන්ම Windows key + R යතුරු එකවර එබීමෙන් හෝ Start වෙත ගොස් Run මත Click කිරීමෙන් Run කවුළුව වෙත පිවිසීම. ඉන්පසු එයමත regedit යනුවෙන් ටයිප් කර Ok කිරීමෙන් Registry Editor වෙත පිවිසීම. මීට පෙර පළවූ ලිපියකද Registry Editor වෙත පිවිසෙන ආකාරය පැහැදිලි කර ඇත.
එවිට 1 රූපයේ ආකාරයට Registry Editor එක දැකගත හැක.

01 - රූපය
ඉන්පසු Registry Editor හි ඇති HKET_CLASSES_ROOT මත Double Click කරන්න. එවිට ලැබෙන drop down මෙනුවෙහි ඇති Allfilesystemobjects මත Double Click කරන්න. ඉන්පසු ලැබෙන drop down මෙනුවෙහි ඇති shellex මත Double Click කරන්න.ඉන්පසු ලැබෙන drop down මෙනුවෙහි ඇති contexmenuhandlers මත Double Click කරන්න.

02 - රූපය
නියමිත ස්ථානය වෙත ඔබ පැමිණියේනම් ඔබට 02 රූපයේ පරිදි Send To යනුවෙන්
key එකක් දැකිය හැක.
ඉන්පසු "contexmenuhandlers" මත Right Click කර New වෙත ගොස් Key මත Click කරන්න.එවිට ඔබට "New Key #1" යනුවෙන් සඳහන් Key එකක් ලැ‍බේවි.එම New Key එක Rename කර පහත සඳහන් කේතයන් එහි නාමයන් ලෙස යොදන්න.

{C2FBB630-2971-11D1-A18C-00C04FD75D13}
{C2FBB631-2971-11D1-A18C-00C04FD75D13}

03 - රූපය
මෙම කේතයන් යෙදිය යුත්තේ 03 වන රූපයේ ආකාරයට වෙන වෙනම Key දෙකක් ලෙසටය.දැන් Registry Editor එක Close කර ඔබගේ පරිඝණකයේ කුමක්හෝ ලිපි ගොනුවක් මත Right Click කර සිදුකල ක්‍රියාවන්ගේ ප්‍රථිඵල 04 රූපයේ ආකාරයට ඔබට දැකගත හැක.


04 - රූපය

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...