/* Flying Css3 menu www.bloggertrix.com*/

Friday, October 14, 2011

අන්තර්ජාලයට පිවිසෙන වේගය 20% කින් වැඩිකර ගන්නේ කෙසේ ද?


ඔබත් windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරමින් අන්තර්ජාලයට පිවිසෙන්නෙක් ද?
එසේනම් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගේ windows මෙහෙයුම් පද්ධතිය මගින් අන්තර්ජාලයට පිවිසෙන වේගය 20%  කින් සීමාකර තිබේ.
මෙම සීමා ඉවත්කොට අන්තර්ජාලයට පිවිසෙන වේගය 20%  කින් වැඩිකර ගැනීමට ඇත්නම් කියා ඔබට සිතෙන්නට ඇති.මා මෙම ලිපියෙන් බලාපෙරොත්තු වන‍නේ ද එයයි.
ඒ සදහා ඔබ මුලින් ම කලයුත්තේ windows key + r එකවර එබීම මගින් හෝ start->run මගින් හෝ run option එක‍ click කිරීමෙන් පහත 1 වන රූපයේ පරිදි කවුලුවක විවෘත වේ.
1 වන රූපය



දැන් මෙහි"gpedit.msc" යනුවෙන් type කර ok කිරීම මගින් පහත 2 වන රූපයේ පරිදි Group Policy Editor කවුලුව විවෘත වේ.





2 වන රූපය

එහි ඇති Administrative Templates යන්න click කරන්න. එවිට 2 වන රූපයේ පරිදි Administrative Templates settings දිස්වේ.














3 වන රූපය


මෙහිදී ඔබ Network යන්න තොරා double click කිරීම මගින් 3 වන රූපයේ පරිදි Network Settings දිස්වේ.





4 වන රූපය





එයින් ඔබ Qos Packet Scheduler යන්න තෝරා double click කිරීම මගින් 4 වන රූපයේ පරිදි Qos Packet Scheduler Settings දිස්වේ.එහි ඇති Limit reservable bandwidth යන්න තෝරා double click කිරීම මගින් පහත 5 වන රූපයේ පරිදි Limit reservable bandwidth කවුලුව ලැබේ.










5 වන රූපය


දැන් මෙහි ඇති Not Configured යන්න වෙනුවට Enabled ලෙස තෝරා Option යටතේ ඇති Bandwidth limit(%) "20" වෙනුවට "0" ලෙස යොදා Apply කර Ok කරන්න.












දැන් සීමා ඉවත්කොට අන්තර්ජාලයට පිවිසෙන වේගය 20%  කින් වැඩි කරගෙන අවසන්.මේ පිලිබද ඔබට යෝජනා චෝදනා හෝ වෙනත් අදහස් වේ නම් comment කරන්න.

7 comments:

  1. මගෙ එකේ network යන්න ක්ලික් කරාට 3 වන රෑපයේ පරිදි Qos packet scheduler නෑනේ මොකද කරන්නේ මම හිතන්නේ මගෙ තියෙන්නේ 7 64bit එක

    ReplyDelete
  2. සිචින්ත මල්ලියො Win7 64bit වල උත්සාහ කරල බලල නෑ.නමුත් Win xp sp1 සිට Win7 32bit දක‍්වාම මෙය මේ ආකාරයෙන්ම සිදුකල හැකියි.හැකි ඉක‍්මනින් ඔබේ ගැටලුවට විසදුමක‍් ලබා දෙන්නම්.

    ReplyDelete
  3. සචින්ත මල්ලියෝ මම භාවිතා කරන්නෙත් Win7 64bit නමුත් මට මෙහි ඇති පරිදිම මෙය සිදු කල හැකිය.ඔබගේ OS එකෙහි කිසියම් ගැටළුවක් ඇතැයි සිතමි එය පරික්ෂා කර නැවත උත්සහ කර බලන්න.

    ReplyDelete
  4. සචින්ත මල්ලියෝ Win7 64bit හිද කිම ගැටලුවකි තොරව මෙය මේ ආකාරයෙන්ම සිදුකල හැකියි.මා සිතන්නේද ඔබගේ OS එකෙහි කිසියම් ගැටලුවක‍් ඇතැයි යන්නයි.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි අයියා.

    ReplyDelete
  6. මෙහෙම වේගය වැඩි කලාට PC එකට මුකුත් ප්‍රශ්ණයක් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  7. සමීර - කිසිම ප්‍රශ්නයක් නෑ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...