මේ වනවිට බොහෝ දෙනෙක් භාවිත කරන්නේ Windows 7 මෙහෙයුම් පද්ධතියයි.එබැවින් Windows 7 මෙහෙයුම් පද්ධතියේ ඔබ දැනට භාවිතා කරන Partition එකක ඇති නිදහස් ඉඩ යොදා ගනිමින් නව Partition එකක් නිර්මානය කර ගැනීම සැඳහා විශේෂ මෙවලමක් මෙහෙයුම් පද්ධතිය තුල ම සපයා ඇති.එය භාවියෙන් දැනට භාවිතා කරන Partition එකක ඇති නිදහස් ඉඩ ප්‍රයෝජනයට ගනිමින් නව Partition එකක් නිර්මානය කරගන්නා ආකාරය බලමු.
මුලින්ම Disk Management ලබාගත යුතුයි.ඒ සඳහා My Computer මත Right Click කර Manage යන්න තෝරන්න. එවිට Computer Management කවුලුව විවෘත වේ.එහි Disk Management යන්න තේරීමෙන් හෝ Run කවුලුව විවෘත කර diskmgmt.msc ලෙස type කර Enter කිරීමෙන් Disk Management කවුලුව විවෘත කරගන්න.දැන් ඔබගේ Hard Disk එකෙහි ඇති Partition සියල්ල Disk Management තුල දැකගත හැක.එයින් ඔබ දැනට භාවිතා කරන Partition එකක ඇති නිදහස් ඉඩ යොදා ගනිමින් නව Partition එකක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරනු ලබන Partition එක මත Right Click කර Shrink Volume වෙත පිවිසෙන්න( 01 රූපයේ පරිදි ).
|
01 රූපය |
ඉන්පසු ඔබට 02 රූපයේ පරිදි පැරණි Partition Space එක සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා දී Shrink කල පසු අළුතින් හිස් ඉඩ ප්‍රමාණයක් ලැබේ.
|
02 රූපය |
මෙලෙස අළුතින් ලැබෙන හිස් ඉඩ ප්‍රයෝජනයට ගැනීම සඳහා අළුතින් ලැබුනු හිස් ඉඩ ප්‍රමාණය මත ( 03 රූපයේ පරිදි ) Right Click කර New Simple Volume වෙත පිවිසීම මඟින් නව Partition එකක් සකස් කරගත හැක.
|
03 රූපය |
නියමයි දිගටම ලියන්න...
ReplyDeleteපාටිශන් කිව්වම මම හිතුවේ අර MDF ලෑලි වලින් ගහන ඒවා කියලා....
ReplyDeletemacan mekema thiyanawa .add mirror kiyala
ReplyDeleteeken mokadawenne
Mirrored Volume 1k kiyanne Hard disk 1ka hari wenath onama gabada madyaka athi daththa wala sarwasama pitapathak wenama Volume 1k lesa sakas karana lada volume 1katai.
ReplyDeleteEthin add mirror 1ken partition 1ke mirror volume 1 create karaganna puluwan