/* Flying Css3 menu www.bloggertrix.com*/

Tuesday, November 1, 2011

මෙහෙයුම් පද්ධතිය පටන්ගැන්මේදී විවෘත වන වැඩසටහන් සී‍මා කිරීම.

සමහර වැඩසටහන් අපගේ මෙහෙයුම් පද්ධතිය තුළ ස්ථාපිත කිරීමෙන් පසු මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමගම මේවාද විවෘතවේ. මේවා ස්ථාපිත කරන විටම එසේ ක්‍රියාත්මක වීම වැලැක්විය හැකිය. නමුත් යම් හෙයකින් එසේ කිරීමට අතපසුවුවහොත් හෝ එසේ කිරීමට නොදත්තේනම් මෙම ක්‍රමය ඔබට එය සිදුකරගැනීමට ඉවහල් වේවි. එසේම මෙමගින් දැනට මෙහෙයුම් පද්ධතිය පටන්ගැන්මේදී විවෘත වන වැඩසටහන් සියල්ලම බලාගතහැකි නිසා අප නිතර භාවිත කරන වැඩසටහන් හැර අ‍නවශ්‍ය වැඩසටහන් ඉවත් කිරීමෙන් අනවශ්‍ය ලෙස සිදුවන "Process" වීම් නවතා Ram එකෙහි සිදුවන අපතේ යාම වලක්වාගත හැක.එබැවින් ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ආරම්භ වීමට ගතවන කාලය අඩුවේ. 

පළමුවෙන්ම Windows key + R යතුරු එකවර එබීමෙන් හෝ Start වෙත ගොස් Run මත Click කිරීමෙන් Run කවුළුව වෙත පිවිසීම. ඉන්පසු එයමත "msconfig" යනුවෙන් ටයිප් කර Ok කිරීමෙන් System Configuration Utility වෙත පිවිසීම.


එවිට එය 01 රූපයේ ආකාරයට දැකගත හැක.

01 රූපය


ඉන්පසු System Configuration Utility හි කෙලවරෙහි ඇති Startup ලෙස ඇති කුඩා තීරුව තෝරාගන්න. එවිට ඔබගේමෙහෙයුම් පද්ධති‍ය පටන්ගැන්මේදී දැනට විවෘත වන සියළුම වැඩසටහන් 02 රූපයේ පරිදි ඔබට දැකගත හැක‍.


02 රූපය
දැන් ඔබට සෑමදිනකමපහේ අවශ්‍ය නොවන වැඩසටහන් තෝරා 03 රූපයේ පරිදිඒවායේ නාමයන්ට ඉදිරියෙන් ඇති හරි ලකුණ ඉවත්කර Ok කරගැනීමෙන් මෙය සිදුකරගත හැක.

03 රූපය

ඉන්පසු ඔබගේ පරිඝණකය නැවත පණගැන්විය යුතුවේ.Ok කර System Configuration Utility වසාදැමීමේදී 04 රූපයේපරිදි නැවත පණගැන්වීමට අවශ්‍යදැයි අසනු ලැබේ.

04 රූපය
වඩාත්ම යෝග්‍ය වන්නේ එවිටම නැවත පණගැන්වීමයි.

නැවත පණගැන්වීමෙන් පසුව මෙහෙයුම් පද්ධතිය පටන්ගැන්මේදී ඔබ System Configuration Utility හි වෙනසක් සිදුකර ඇතිබවට 05 රූපයේ පරිදි පණිවඩයක් දැකගැනීමට හැක. එය එතරම්ම සැලකියයුතු දෙයක්නොවේ. එබැවින් "Don't show this messege" ලෙස සඳහන් ස්ථානයේ ඇති කොටුවමත Click කිරීමෙන් හරි ලකුණ දමාගෙන Ok කරන්න. යම්හෙයකින් ඔබ හරිලකුණදමා නොගතහොත්මෙහෙයුම් පද්ධතිය පටන්ගන්නා සෑම අවස්ථාවකදීම මෙම පණිව්ඩය දිස්වේ. එසේකිරීමෙන් පසු නැවත System Configuration Utilityවිවෘතවේ.මෙය වසාදමන්න.

05 රූපය


සැ.යු. - මෙය සිදුකිරීමේදී ඔබ හොඳින් නොදන්නා වැඩසටහන් සීමා නොකිරීමට වගබලාගන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...