/* Flying Css3 menu www.bloggertrix.com*/

Tuesday, November 8, 2011

Files හෝ Folders කිහිපයක් එකවර Rename කරගන්නේ මෙහෙමයි.


Files හෝ Folders කිහිපයක් Rename කරගෙනයෑමේදී මෙය එකවර සිදුකිරීමට ඇත්නම් යැයි  ඔබ සිතෙන්නට ඇති.බොහෝ විට Image Files,Audio Files හෝ Video Files Rename කිරීමේදී මේ ගැටළුව මතුවන්නට ඇතැයි සිතමි.


එසේනම් Files හෝ Folders කිහිපයක් එකවර Rename කරගන්නේ ‍කෙසේ දැයි බලමු.

මුලින්ම ඔබට Rename කිරීමට අවශ්‍ය  Files හෝ Folders සියල්ල Select කරගත යුතුයි.

ඔබ Rename තීරණය කල  Files හෝ Folders සියල්ල වෙනම Folder එකක‍් තුල ඇත්නම් එම Folder එක විවෘත කර Files හෝ Folders ඇති ස්ථානයේ  ඉහල වම් හෝ දකුණු කෙළවරේ Mouse Pointer එක තබා Left Mouse Button එක ඔබාගෙන ඊට ප්‍රතිවිරුද්ධ කෙළවරට රැගෙන ගොස් පහල කෙළවර තෙක‍් රැ‍ගෙන යාමෙන් හෝ

Shift Key එක ඔබාගෙන වම් කෙළවරේ ඇති පලමු File එක හෝ Folder එක මත Left Mouse Button එක Click කර දකුණු කෙළවරේ පහලින්ම ඇති අවසාන File එක හෝ Folder එක මත Left Mouse Button එක Click කිරීමෙන් හෝ

Ctrl Key එක සමඟ A එබීමෙන් Files හෝ Folders සියල්ල Select කරගත හැක.

Rename තීරණය කල  Files හෝ Folders සියල්ල වෙනම Folder එකක‍් තුල නොමැතිනම් Ctrl Key එක ඔබාගෙන අවශ්‍ය Files හෝ Folders මත Left Mouse Button එක Click කරමින් Select කරගත හැක.

ඉන්පසුව Select කරගත් Files හෝ Folders අතරින් පලමු හෝ අවසන් File එක හෝ Folder එක මත Right Click කර ලැබෙන Context Menuවෙහි ඇති Rename යනන් තෝරන්න. දැන් ඔබට අවශ්‍ය නමක් ලබා දී Enter කරන්න.
දැන් සියල්ල එකවර Rename වී අවසන්.

උදාහරණ :-







No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...