/* Flying Css3 menu www.bloggertrix.com*/

Thursday, November 24, 2011

මෑත කාලීනව එලිදැක්වු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සිංහලෙන් භාවිතා කරන්න ඔබත් කැමතිද?

ශ්‍රී ලාංකික අපට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අපගේ මව් භාෂාවෙන් භාවිතා කිරීමට microsoft සමාගම විසින් පහසුකම් සපයා ඇති බව සමහරවිට නොදන්නවා විය හැකියි.ඉතින් ඒ පිලිබඳව කෙටි සටහනක් මෙසේ ඉදිරිපත් කරන්නෙමි.microsoft ශ්‍රී ලංකා ශාඛාව මෑත කාලීනව එලිදැකවු සියලුම මෙහෙයුම් පද්ධති සඳහා සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජ නොමිලේ ලබා දී ඇත.අද වන විට ඉතා දුෂ්කර ප්‍රදේශ ලෙස අප හදුන්වන ප්‍රදේශ වලට පවා තොරතුරු තාක්ෂණය ව්‍යප්ත කෙරෙමින් පවතින මෙවැනි වකවානුවක මෙලෙස සිංහල පරිගණක මෙහෙයුම් පද්ධතියක වටිනාකම ඉතා ඉහලයි.මක‍් නිසාද යත් එම ප්‍රදේශ වල ජීවත් වන වුදවියට ඉංග්‍රීසි දැනුමේ යම් අඩුලුහුඩුක්‍ම් පැවතුනද මෙවැනි සේවාවන් විසින් කිසිඳු ගැටළුවකින් තොරව පරිගණයකය හැසිරවීමේ හැකියාව ලැබේ.මෙහෙයුම පද්ධති පමනක‍් නොව  මෑත කාලීනව එලිදැකවු Office පැකේජ සඳහාද සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජ නොමිලේ ලබා දී ඇත.මෙය ඇත්තෙන්ම සමාජ මෙහෙවරක ලෙස මම දකින්නෙමි.එබැවින් මෙලෙස ඉදිරිපත් කරන්නෙමි.

ඔබට වින්ඩෝස්  7 මෙහෙයුම් පද්ධතියේ  සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය ලබාගැනීමට සදහා මෙම "වින්ඩෝස්  7  සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය" නම් ලින්ක් එක වෙත පිවිසෙන්න.එහි මේ පිලිබඳව සියලු තොරතුරු සිංහල බසින් ඉදිරිපත් කර ඇත.

ඔබට Office2010  සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය ලබාගැනීමට සදහා මෙම "Office2010  සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය" නම් ලින්ක් එක වෙත පිවිසෙන්න.එහි මේ පිලිබඳව සියලු තොරතුරු සිංහල බසින් ඉදිරිපත් කර ඇත.

ඔබට වින්ඩෝස් Vista මෙහෙයුම් පද්ධතියේ හා Office2007හි සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය ලබාගැනීමට සදහා මෙම "වින්ඩෝස් Vista මෙහෙයුම් පද්ධතියේ හා Office2007හි සිංහල-දෙමළ  භාෂා අතුරු මුහුණත් පැකේජය" නම් ලින්ක් එක වෙත පිවිසෙන්න.එහි මේ පිලිබඳව සියලු තොරතුරු සිංහල බසින් ඉදිරිපත් කර ඇත.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...