/* Flying Css3 menu www.bloggertrix.com*/

Thursday, November 10, 2011

RUN COMMAND එකෙහි history clean කරගනිමු.

RUN COMMAND එක සඳහා කෙටි යෙදුම් ලබාදුන් බැවින් මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්නෙමි.ඔබ RUN COMMAND එක සඳහා කෙටි යෙදුම් භාවිතා කරන්නේ නම් භාවිත කල කෙටි යෙදුම් පහත 01 රූපයේ ආකාරයට පෙන්වයි.මෙම history clean කරගැනීමට අවශ්‍ය නම් පමනක් පහත පියවර අනුගමනය කරන්න.

01 රූපය
මුලින්ම RUN COMMAND භාවිතා කර Registry Editor එක ලබාගන්න.
දැන් HKEY_CURRENT_USER තෝරන්න.ඉන්පසු පහලට දිගහැරෙන මෙනුවෙහි ඇති Software යන්න තෝරන්න.ඉන්පසු පහලට දිගහැරෙන මෙනුවෙහි ඇති Microsoft යන්න තෝරන්න.ඉන්පසු පහලට දිගහැරෙන මෙනුවෙහි ඇති Windows යන්න තෝරන්න.ඉන්පසු පහලට දිගහැරෙන මෙනුවෙහි ඇති CurrentVersion යන්න තෝරන්න.ඉන්පසු පහලට දිගහැරෙන මෙනුවෙහි ඇති Explorer යන්න තෝරන්න.ඉන්පසු පහලට දිගහැරෙන මෙනුවෙහි ඇති RunMRU යන්න තෝරන්න.
දැන් RunMRU මත Right Click කරන්න.එවිට ලැබෙන Context Menuවෙහි ඇති Export මත Click කරන්න.එවිට පහත රූපයේ පරිදි  Export Registry File කවුළුව විවෘතවේ.මෙලෙස Export Registry File එක Save කිරීම සඳහා නිරතුරුවම My Documents තෝරා දෙයි.නමුත් ඔබට කැමති තැනක‍්  තෝරා Save කරගත හැක.Save කිරීමේ දී File Name යන්නට  RUN COMMAND HISTORY CLEANER ලෙස සඳහන් කර Save කරන්න.ඒ සඳහා ද ඔබට කැමති නමක් යෙදිය හැක.
ඉන්පසු Registry Editor වෙතින් ඉවත් වන්න.
දැන් RUN COMMAND HISTORY CLEANER නමින් Save කරගත් File එක මත Right Click කර ලැබෙන Context Menuවෙහි ඇති Edit යන්න තෝරන්න.එවිට RUN COMMAND HISTORY CLEANER.reg File එක Notepad එකෙහි විවෘත වේ.
දැන් එහි ඇති  
[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\RunMRU] 
යන්න
[-HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\RunMRU] 
ලෙස වෙනස් කර  Ctrl + S හෝ File Click කර ලැබෙන මෙනුවෙහි ඇති Save යන්න මත  Click කර Save කරගන්න.

දැන් RUN COMMAND HISTORY CLEANER.reg File එක මත Double Click කර හෝ  Right Click කර ලැබෙන Context Menuවෙහි ඇති Merge යන්න මත Click කරන්න.එවිට  පහත 02 රූපයේ පරිදි Are you sure you want to continue?ලෙස විමසයි.ඒ සඳහා Yes විධානය ලබාදෙන්න.

02 රූපය

එවිට පහත 03 රූපයේ පරිදි ඔබ සාර්ථකව එය සිදුකල බව දන්වන කවුළුව විවෘත වේ.ඉන්පසු එහි ඇති Ok විධානය ලබාදෙන්න.දැන්  RUN COMMAND එකෙහි history clean වී අවසන්.RUN COMMAND එක විවෘත කර සාර්ථකත්වය නිරීක්ෂණය කල හැක.

03 රූපය

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...