/* Flying Css3 menu www.bloggertrix.com*/

Wednesday, November 2, 2011

Partition එකක් ඉතා පහසුවෙන් සඟවා ගන්නේ කෙසේදැයි බලමු.


ඔබගේ පරිගණකය ඔබ හැර වෙනත් පුද්ගලයින් භාවිතා කරන්නේ නම් ඔබගේ වටිනා ලියකිවිලි හෝ ගොනු අනෙක‍් අයගෙන් ආරක‍්ෂා කරගැනීමට මෙම සරල ක්‍රමය  ප්‍රයෝජනවත් වේයැයි සිතන්නෙමු.
පලමුවෙන් ඔබ Disk Management ලබාගත යුතුයි.ඒ සඳහා My Computer මත Right Click කර Manage යන්න තෝරන්න. එවිට Computer Management කවුළුව විවෘත වේ.එහි Disk Management යන්න තේරීමෙන් හෝ Run කවුළුව විවෘත කර diskmgmt.msc ලෙස type කර Enter කිරීමෙන් Disk Management කවුළුව විවෘත කරගන්න.එය පහත 01 රූපයේ දැක‍්වේ.

01 රූපය
ඉන්පසුව ඔබට සඟවා තැබීමට අවශ්‍ය Partition එක තෝරා එය මත Right Click කල පසු ලැබෙන Menuවෙහි ඇති Change Drive Letter and Paths යන්න තෝරන්න.එවිට පහත 02 රූපයේ පරිදි Change Drive Letter and Paths කවුළුව විවෘත වේ.

02 රූපය
එහි ඔබ තෝරන ලද Partition එකට අදාල Drive Letter එක දැකගත හැක.දැන් පහලින් දැකවෙන Remove Button එක Click කර Drive Letter එක ඉවත් කර‍ගෙන OK කරන්න.දැන Partition එක සඟවා අවසන්.සඟවාගැනීම සාර්ථකද යන්න පරීක්ෂා කර බැලීමට  My Computer වෙත පිවිසෙන්න.

දැන් සඟවාගත් Partition එක නැවත පෙනෙන පරිදි සකසන්නේ කෙසේ දැයි  බලමු.

ඒ සඳහා පෙර පරිදිමDisk Management විවෘත කරගෙන සඟවාගත්  Partition එක මත Right Click කර Change Drive Letter and Paths යන්න තෝරන්න.එවිට පහත 03 රූපයේ පරිදි Change Drive Letter and Paths කවුළුව දිස්වේ.

03 රූපය

එහි Add Button එක Click කල පසු 04 රූපයේ පරිදි ලැබෙන කවුළුවේ Assign the following drive letter යන්න ඉදිරියේ සැඟවීමට පෙර තිබූ ඉංග්‍රීසි අක්ෂරය බලා දී OK කරන්න.දැන් සැඟවු Partition එක නැවතත් සැඟවීමට පෙර තිබූ පරිද්දෙන් My Computerහි දිස්වේ.


04 රූපය



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...