/* Flying Css3 menu www.bloggertrix.com*/

Monday, August 23, 2021

ADOBE PHOTOSHOP

        Adobe Photoshop ඔිනෑම මෘදුකාංගයක් සමස්ථයක් වශයෙන් එය නිකුත් කරන ආයතනයේ නම හා මෘදුකාංගයේ නම ඉදරිරිපත් කරන අතර මෙම මෘදුකාංගයත් එලෙස නම් කර ඇත.  Adobe යනු මෙය නිකුත් කරන ආයතනයේ නම වන අතර Photoshop යනු මෘදුකාංගයේ නමයි.

        ඡායාරූප ශීල්පීන් හා ග්රැෆික් නිර්මාණකරුවන් වැඩි වශයෙන් ඔවුන්ගේ පරිගණක ආශ්‍රිත නිර්මාණ කටයුතු සදහා යොදා ගන්නේ මෙම Adobe Photoshop මෘදුකාංගයයි. මෙය දැනට ලෝකයේ පවතින ඡායාරූප සංස්කරණයේ හා ග්රැෆික් නිර්මාණකරනයේ  ප්‍රධාන පෙලේ මෘදුකාංගයක් ලෙස හැදින්විය හැක.

        1987 දි Michigan විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකු වූ Thomas Knoll ඔහුගේ Macintosh පරිගණකයේ කුලු සුදු පින්තුර ඒකවර්ණ (monochrome) තිරවල දර්ශණය වීම සදහා වැඩසටහනක් නිර්මාණය කිරීම ආරම්භ කළේය. මෙය ඔහුගේ සහෝදරයා වූ John Knoll ගේ අවධානයට යොමු වීමෙන් පසුව ඔහුගේ යොමු කිරීම මත Thomas Knoll මෙම වැඩසටහන පින්තුර සංස්කරණය කර හැකි වැඩසටහනක් බවට පත් කිරිමට යොමු විය. ඔහු මෙම වැඩසටහන Apple සමාගමේ ඉංජිණේරුවරුන්ට හා Adobe සමාගමේ කලා අධ්‍යක්ෂකවරුන් වෙත ඉදරිරිපත් කරනු ලබයි. මෙම ඉදිරිපත් කිරීම සාර්ථක වන අතර Adobe සමාගම මෙයට බලපත්‍රයක් මිළ දි ගෙන 1988 සැප්තැම්බර් මාසයේදි මෙය බෙදාහැරරීමේ කටයුතු ආරම්භ කරනවා. Photoshop 1.0 නිකුත් කරනු ලබන්නේ 1990 Macintosh පරිගණක සදහාය. Photoshop 1.0 නිකුත් කලා දා පටන් මේ වෙනකල් මේ මෘදුකාංගයේ Version එළි දැක්වීමත් සමග මේ දක්වා මෙම මෘදුකාංගය සීග්‍රයෙන් දියුණු තියුනු විය. Adobe Photoshop 1.0 ලෙස මුලින්ම නිපදවුනු මෙය Macintosh පරිගණක සදහා පමණක් සහය දැක්වූ අතර Adobe Photoshop 2021(version 22.5)  දක්වා විකාශණය වී ඇත.




Related Posts Plugin for WordPress, Blogger...